Monday, July 11, 2011





මීගමුව - කොච්චිකඩේ මා ඔය හා කම්මල් මෝය ආශි්‍රතව සිදු වන අනවසර
මෙන්ම අවිධිමත් වැලි ගොඩදැමීම සම්බන්ධවයි.

මා ඔය මුහුදට වැටෙන මෝය (කම්මල් මෝය) ආශි්‍රත ග්‍රාමයේ නිවැසි , මෙහි අත්සන් තබන අප සැමගේ ජීවිතවලට එල්ල වී ඇති මරු පහරක් බදු උක්ත කරුන සම්බන්ධව මීට පෙර රජයේ වගකිව යුතු ආයතනයන්හී නිලධාරීන්ටත් ප්‍රාදේශීය දේශපාලනඥයින්ටත් එමෙන්ම වගකිව යුතු පොලිස් නිලධාරින්ටත් කිහිප විටක්ම ලිඛිතව හා වැචිකව දැනුවත් කරන්නට යෙදුනු අතර ඒ සඳහා සැලකිය යුතු මට්ටමින් කිසිදු පියවරක් ගෙන නොමැති වතාවරණයක අවසාන වශයෙන් ඔබ තුමන්ට හෝ මේ පිලිබඳව දන්වන්නට අදහස් කලෙමු . අද වන විට මෙම අවිධිමත් හා අනවසර යාවලිය අප ගම් වාසීන්ගේ මෙන්ම මෝය පිහිටි කම්මල්තොට ග්‍රාමවාසීන්ගේද ජීවිත වලටත් නිවැසි වාසස්ථාන වලටත් විශල තර්ජනයක් වී ඇත.
මෙම අවිධිමත් හා අනීතික අනවසර යාවලිය සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 26 දා (2008/01/26) රා කාලයේදී කොච්චිකඩේ මලයන්ද`එව හා කම්මල්තොට වැලි ජවාරම්කරුවන් හා ඊට එරෙහි අප ගම් වැසියන් අතර විශාල ආරවුලක් ඇති විය. එය පසුදා එනම් ජනවාරී 27 දා උදෑසන දක්වාම පැවති හෙයින් මෙය සමථයකට පත් කර ගන්නට ගමේ කිතුනු පූජකතුමා මැදියත් වුවුද එයද කල නොහැකක් විය. පසුව කොච්චිකඩේ පොලිසියේ මෙහෙයවීම මත පරීක්ෂන ආරම්භ කෙරුනි. මෙහිදී අප ගම්වැසියෙකු බරපතල ප්‍රහාරයකට ලක්ව තිබිණි. මෙයට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම හා අධිකරනයට ඉදිරිපත්කිරීම ආදී හේතූන් නිසා වැලි ගොඩ දමන්නන් විසින් පසුගිය මාස 02 ක, 03 ක කාලය තුල වැලි ගොඩ දැමීමේ කි්‍රයාවලියෙන් බැහැරව සිටියහ. එහෙත් පසුගිය අප්‍රෙල් 23 දින එනම් 2008/04/23 දා සිට නැවතත් මෙම ජාවාරම් කරුවන් විසින් මා ඔයේ මෙම අනවසර හා අවිධිමත් වැලි ගොඩ දැමීම ආරම්භ කර ඇත. ඒ 2008/04/22 රාතී්‍ර ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ ප්‍රධානත්වයෙන් වැලි ගොඩදමන්නන් සම`ග පැවති රැස්වීමකින් අනතුරුවය. කිසිදු බධාවකින් තොරව වැලි ගොඩ දැමීමටත් , වැලි ප්‍රවාහනයටත් දේශපාඥයින්ගේ සහයද ලබා ගනිමින් මෙම අනීතික කි්‍රයාවලිය ඉදිරියටත් පවත්වාගෙනයාමේ වැඩ පිලිවෙලකට මෙම වැලි ගොඩදමන්නන් එම රැස්වීමේදී මුල පුරා ඇති බවද සැල විය. මෙවන් තත්වයකදී දේශපාඥයින්ගේ පූර්න සහයෝගය මත මෙම ජාවාරම සිදු වන නිසා ප්‍රදේශයේ භාර පොලිස් නිලධාරීන්ටද වැටලීම් වැනි රාජකාරී කටයුතු නිසියාරව සිදු කිරීමට නොහැකි වතාවරණයක් මේවන විට උදා වී ඇත. එවන් වතාවරණයකදී මෙම ජාවාරම්කාර පරිසර ව්‍යවසනයන්ගෙන් නිරන්තරයෙන් පී`ඩාවට පත් අප මලයන්ද`එව ගම්වාසීන්ටත් , කම්මල්තොට ගම්වාසීන්ටත් කාගේ නම් පිලිසරණක්ද ?.
අද වන විට කොච්චිකඩේ මා ඔය ආශි්‍රතව පිහිටි ඉවුරු ඛාදනයට ලක් වී එම ඉවුරු සමීපයේ පිහිටි නිවාස ගනනාවක්ම මා ඔයට බිලි වී ඇති අතර තවත් නිවාස ගනනාවක්ම මා ඔයට බිලි වීම ආරම්භ වී ඇත. එමෙන්ම මා ඔය මුහුදට වැටෙන කම්මල් මෝය ආශි්‍රතව රාතී්‍ර කාලයේදී සිදු වන අවිධිමත් වැලි ගොඩ දැමීම නිසාවෙන් එහි පිහිටි මීටර් 350 ක පමන වපසරියකින් යුත් රමනීය මුහුදු වෙරළ තීරයද , එහි ඉදිකර තිබූ කුඩා කතෝලික දේවශ්ථානයද අද වන විට මුහුදට බිලි වී හමාරය. එලෙසම මෙම කම්මල් මෝය ආශි්‍රතව සිදු වන අවිධිමත් වැලි ගොඩ දැමීම නිසා මු`එ මීගමුව ප්‍රදේශයට හා කටුනායක ප්‍රදේශයේ හරි අඩකටම පානීය ජලය සපයන බම්බුකුලිය ජල පවිත්‍රාගාරය වෙත ලවන මිශි්‍රත කරදිය ගලා ගියහොත් පානීය ජලයට ලවන මිශ්‍ර වීමේ දැඩි ප්‍රවණතාවක් පවතී. එය මීගමුව හා කටුනායක ප්‍රදේශවල ජනතාවගේ යහපත් සෞඛ්‍යයට එල්ල වන මරු පහරකි. එමෙන්ම කොච්චිකඩේ මහා පාලමේ පැවැත්මටත් , දුමිරිය පාලමේ පැවැත්මටත් අවිධිමත්ව සිදු වන මෙම වැලි ගොඩ දැමීම නිසා විශාල බලපෑමක් එල්ල වී තිබේ.
ඒවාගේම මා ඔයේ හා කම්මල් මෝය ආශි්‍රතව නිරන්තරයෙන් සිදු වන මෙම අවිධිමමත් වැලි ගොඩ දැමීමෙන් ඉවුරු ඛාදනය වීම නිසා ධීවර කර්මාන්තයේ යෙදී සිටින ගම්මුන්ගේ ඔරු හා කුඩා බෝට්ටු නවතා තැබීම ස`දහා නැන්ගුරම් පොලවල් නොමැති වීමෙන් එම ධීවරයන්ගේ පාරම්පරික රැකියා අහිමි වී යාමේ ප්‍රවනතාවක්ද ඇති වී තිබේ. එලෙසම මෙහි වඩා ඛේදනීය තත්වය වන්නේ මා ඔය ආශි්‍රතව අවිධිමත් ලෙස වැලි ගොඩ දමන්නන් විසින් වැලි ගැනීම පිනිස හාරන ලද විශාල ප්‍රමානයේ වලවල් වල ඇද වැටී අහිංසක මිනිිසුන් මිය යෑමයි. පසුගිය 2007 වසරේ මැයි මස 13 වැනි දා කම්මල් මෝය ආශි්‍රතව සොබා සිරි නැරඹීමටත්, දිය නෑම පිනිසත් නිතර එම මෝය ප්‍රදේශයට යනෙන කොච්චිකඩේ, පල්ලන්සේන ප්‍රදේශයේ ජීවත් වූ 13 හැවරිදි ජුඩ්ත් ටානියා ශිෂ්‍යාවත්, ගනේමුල්ල, බොල්ලන පදිංචිව හුන් 24 හැවරිදි සංගීත ගුරුවරියක් වූ දිල්හාරී මේරියන් නැමැති තරුණියවත් වැලි ගොඩ දමන්නන් හැරූ ජලය පිරී තිබූ වලකට ඇද වැටී අකාලයේ මිය යෑම මෙහිදී විශේෂයෙන්ම ස`දහන් කල හැකිය
ගරු පියතුමෙනී, මා ඔය ආශි්‍රතව පිහිටි මලයන්ද`එව නම් අප ගම්මානයේත්, මෝය පිහිටි කම්මල්තොට ගම්මානයේත් නිවැසි බහුතර ජනතාවගේ ජීවිතයන්ද ,වාසභූමීන්ද මා ඔයටම බිලි වීමට ඉඩ නොදී මෙම අවිධිමත් හා අනවසර වැලි ගොඩ දැමීම මැ`ඩ පවත්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරදෙන මෙන්ද ඉල්ලා සිටිමූ . මා ඔයේ වයඹ දෙස ඉවුර අයත් වෙන්නප්පුව පොලිසියේ උසස් නිලධාරීන් යෝජනා කරන ආකාරයට මේ ස`දහා වෙන්නප්පුව හා කොච්චිකඩේ පොලිස් ස්ථානයන් ඒකාබද්ධ වී වැලි ජාවාරම් සම්බන්ධ සිය`එම මෙහෙයුම් හා වැටලීම් කටයුතු සිදු කරන්නේ නම් ඉතාම සැහැසි ආකාරයටත් සංවිධානය වී සූක්ෂමව සිදු කරන මෙම වැලි ජවාරම ඉතා ඉක්මනින්ම මැ`ඩ පවත්වාලන්නට හැකියාව ඇත. එහෙයින් ඉතා ඉක්මනින්ම මේ ස`දහා අදාල අංශයන් සම`ග මැදිහත්ව පූර්ණ ලෙසම මෙම ව්‍යවසනය මැ`ඩ පවත්වා මෙහි පහත අත්සන් තබන අපත් අප ගම්වැසි සැමත් ආරක්ෂා කරමින් මෙම අවිධිමත් හා අනවසර කි්‍රයාවේ නිරත පිරිසට තරාතිරම නොබලා නිතිය ඉදිරියට ගෙන දැඩි දඩුවම් පැමිණ වීමට නීත්‍යෘනුකූලව අවශ්‍ය පියවර ගන්නා මෙන් ද , ඉතා ගෞරවාන්විතව ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු .


Monday, July 4, 2011

Negombo water problem

                           

Negombo Water Problem






Add caption